භාණ්ඩ වර්ග තුනක මිල ගණන් පහත දැමීමට ලංකා සතොස තීරණය කර තිබේ. ඒ අනුව මුංඇට කිලෝවක මිල රුපියල් 51කින් අඩු කිරීමටයි කටයුතු කර ඇත.
එහි නව මිල රුපියල් 799ක් වෙයි.සුදු කවුපි මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි වත්මන් මිල රුපියල් 880ක්.සුදු සීනි කිලෝවක මිල රුපියල් 05කින් පහත දමා ඇති බව සඳහන්.ඒ අනුව එහි නව මිල රුපියල් 243ක් වන බවයි සතොස නිවේදනය කළේ.
ලොකු ළූණු කිලෝවක් රුපියල් 300ක මිලට සියලුම සතොස අලෙවිසැල්වලින් ලබා ගැනීමට හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන්.