දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් අද ( 20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසයි.
ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූණු ආනයනය කිරීම සීමා වීමත් සමඟ මෙසේ එක වරම දේශීය සහ විදේශීය ලොකු ලුණු මිල ඉහළ ගොස් තිබෙන බවයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙයි.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද උදෑසන දේශීය ලොකුළුණු කිලොවක ගැනුම් මිල රුපියල් 380ත් 400ත් අතර තොග මිලක් පැවති බවයි වෙළෙන්ඳන් පවසයි.
විශේෂයෙන් ඉතා සීමිත ගොවීන් පිරිසක් එම මිල ඉහළ යෑමේ වාසිය ලබා ගත්ත ද පසුගිය කාලයේ ගොවීන්ගෙන් ඉතා අඩු මුදලට දේශීය ලොකු ලුණු අස්වනු මිලදී ගත් ව්‍යාපාරිකයන් එම ලූණු සඟවා තබාගෙන මිල ඉහළ දැමීම සිදුකර තිබෙන බවයි ජනතාව පවසයි.