නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ඉතා සෙමින් ගමන් කරන බැවින් මෙම පද්ධතියෙන් මෙරට කාලගුණයට වන බලපෑම ක්‍රමයෙන් අවම වනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) පෙරවරුවේදී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 130 ක් පමණ ඊසාන සහ මුලතිව් සිට කිලෝමීටර් 150 ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටා තිබිණි.
කෙසේ නමුත්, මෙම පද්ධතියේ බලපෑම මත අද (29) දිනයේදීද උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 60 ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
නැවත දැනුම් දෙනතුරු දිවයින වටාවන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙන බවද එම දෙපාර්තමේන්තුව කියයි.