තහවුරු කර ගත නොහැකි අධ්‍යාපනික සුදුසුකම් තමන් සතුව ඇතැයි පවසා එය සමාජය හමුවේ අභියෝගයට ලක් වීමත් සමඟ දින 22 ක් පමණ කෙටි කාලයක් සිය තනතුරෙහි කටයුතු කිරීමෙන් පසුව ඉල්ලා අස් වූ ශ්‍රී ලංකාවේ කතානායක අසෝක සපුමල් රන්වල මහතා ලෝක මට්ටමේදී එවැනි කෙටි කාලයක් තුළ ඉවත් වූ තුන්වෙනියා ලෙස වාර්තාවක් ද තබා ඇත. ශ්‍රී ලංකාවේ කතානායක ධූර කාල පමණක් සැලකීමේදී කෙටිම කාලයක් තුළ වාර්තාව ඔහු සතු ය.අසෝක සපුමල් රන්වල මහතාට පෙර ශ්‍රී ලංකාවේ කතානායකවරුන් තුන්දෙනෙකු නියමිත කාලයට පෙර ඉල්ලා අස්වී ඇති අතර ඒ අය වන්නේ එම් ඒ බකීර් මාකර් (1983) හා ආර් එස් පැල්පොල (1964) යන මහත්වරු ය.අසෝක සපුමල් රන්වල මහතා ජාත්‍යන්තර වාර්තාවලට එකතුවන්නේ පහත පරිදි ය.(1) තියඩොර් එම් පොමෙරි (ඇමරිකා එක්සත් ජනපදය) – දින 01හිටපු කතානායක වරයෙකුගේ හදිසි ඉල්ලා අස්වීමෙන් පසු 1869 මාර්තු 4 වන දින පමණක් සේවය කළේය.(2) ජෝන් ටේලර් (එක්සත් රාජධානිය) – දින 011835 පාර්ලිමේන්තුවේ කථානායක වරයා ලෙස පත්වීමත් සමග මතුවූ සෞඛ්‍ය ගැටලු නිසා ඉල්ලා අස්විය.(3) අශෝක සපුමල් රන්වල (ශ්‍රී ලංකාව) – දින 22 යි.ඔහු ශ්‍රී ලංකාවේ කථානායක ලෙස පත්වූ නමුත් ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කිරීමෙන් හටගත් අපකීර්තිය මධ්‍යයේ ඉල්ලා අස්වීමක් ලෙස දේශපාලන ඉතිහාසයට එක් වනු ඇත.එමෙන්ම මෙය ඔහු ගේ ඉදිරි දේශපාලන ජීවිතය පුරාම බලපාන කිළුටක් වන බව ද බොහෝ දෙනකු ගේ අදහස ය.