නව පාසල් වාරය ආරම්භවීමට පෙර සිසුන්ට පාසල් නිල ඇඳුම් ලබාදීමට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් නාලක කළුවැව සඳහන් කළේ එම නිල ඇඳුම් කට්ටල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හරහා පාසල් වෙත යොමු කරන බවයි.
2025 වර්ෂයේදී පාසල් සිසුන් 4,640,086කට නිල ඇඳුම් ලබාදීමට නියමිතව තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මෙවර පාසල් නිල ඇඳුම් සියල්ලම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබී තිබෙන බවයි.