කලාවැව වාන් දොරටු දෙක අඩි1 බැගින් විවෘත කර ඇති බව වාර්තා වෙයි.
ඉහල පෝශිත කලාපයට ඇද හැලෙන අධික වර්ශාවත් සමගම කලාවැව මේ වන විට අක්කර අඩි 83721 ක ජල ධාරිතාවයක් දක්වා පැමිණ තිබෙයි.
ඒ හේතුවෙන් අද උදෑසන 6ට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 1ක් බැගින් විවෘත කිරීමටයි කලාවැව භාර වාරි ඉංජිනේරුවරයා කටයුතු කර ඇත.
එමගින් තප්පරයට ඝන අඩි 1018ක ජල ධාරිතාවයක් කලාඔයට නිකුත් වන බව වාර්තා වෙයි.