නවෝත්පාදන දිරිගන්වන්න ජනපතිගෙන් කඩිනම් වැඩපිළිවෙලක්

මෙරට නවෝත්පාදන ක්ෂේත්‍රය දිරි ගැන්වීම සඳහා රජයෙන් කඩිනම් වැඩපිළිවෙලක් අරඹන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවායි.

පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි. පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි.

උත්සවය ඇමතු ජනාධිපතිවරයා සඳහන් කළේ ලෝක වෙළදපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නවෝත්පාදන වැඩපිළිවෙල හරහා සිදුකළ හැකි බවයි.

නව මාදලි තුළින් නව වෙළදපොළ අවස්ථා නිර්මාණය වන බව ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කරනලදි.

මේ අතර පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා එන් අයි ආර් ඩී සී ඩොට් ජී ඕ වී ඩොට් එල් කේ නව වෙබ් අඩවිය දියත් කිරීම ද මෙහිදී සිදුකෙරුණි.

කාලීන පුවත්