මෙරට දිස්ත්‍රික්ක දහයක කරන ලද සමීක්ෂණයකදී පවුල් ඒකක සියයට 32 ක් සිය ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයට මුදල් ලබා ගන්නා බවට තොරතුරු අනාවරණයවී ඇත.
“ආහාර මූලික කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය’’ (FLAN Sri Lanka) විසින් කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණයවී තිබේ.
මුලතිව්, මන්නාරම, මඩකලපුව, බදුල්ල, රත්නපුර, ගාල්ල, නුවරඑළිය, කොළඹ, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක් ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
එහිදී අනාවරණයවී ඇත්තේ සමස්ථ නියැදියෙන් සියයට 62 කට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බවත්, සියයට 57 කට ආසන්න පිරිසකට ආහාර සුරක්ෂිතතාවය නොමැති බවත් මෙහිදී අනාවරණය වී ඇත.
මෙම නියැදියෙන් සියයට 35 ක නිවෙස් හිමියන් මාසික ආදායම රුපියල් 49,589 කට වඩා අඩු අයවලුන්ය.
සමීක්ෂණයට තෝරාගත් පිරිස සිය ආදායමින් සියයට 42 ක් ආහාර සපයා ගැනීම සඳහා වැය කරන අතර, සෞඛ්‍ය සඳහා වෙන්කර ඇත්තේ සියයට 6 කි. එමෙන්ම, අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සියයට 9 කි.
සමීක්ෂණයට ලක් කළ කණ්ඩායමෙන් සියයට 31.7 ක් ආහාර මිලදී ගැනීම සඳහා ණය මුදල් ලබාගෙන තිබෙන බවත්, රන් ආභරණ උකස් කිරීම, තමන් සතු දේපොළක් විකිණීම, ණයට මුදල් ලබාගැනීම ආදියෙන් ආහාර සඳහා මුදල් සොයාගෙන ඇත. ශ්‍රී ලංකාව සඳහා ආහාර මාර්ගෝපදේශ සකස් කර ඇතත්, එය ජනතාව අතරට ගොස් නැති බවත්, ජාතික පෝෂණ ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් සිදුකරන ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන බව ද අනාවරණයවී තිබේ.