ජල බිල 10%ත් 30%ත් අතර ගණනකින් පහළට

විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ජල බිල ද 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.එමෙන්ම ජල බිල අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති වරයා වෙත භාරදීමට නියමිත බවත් එම වාර්තාව විෂයභාර ඇමති වරයා වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

කාලීන පුවත්