අද (24) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අවධානය යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණ තත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව යන පළාත්වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවකි.ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින්කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.