අනවසර ඉන්දියානුවන් පහලොවක් පිටුවහල් කෙරේ

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ මෙරට ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කර තිබේ.ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ මගින් නොමිලේ ලබා දී තිබූ සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ සිටි අතර දේව ගැති වරුන් බව පවසන ඔවුන් අතරින් දෙදෙනෙකු යාපනය, මත්හල් ප්‍රදේශයේ පසුගිය 05 සහ 07 වන දින රෝග සුව කිරීමේ ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානම් ව සිටියදී ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු ජාතික සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබූ බව පැවසෙයි. එහිදී අත්අඩංගුවට ගත් දේව ගැති වරුන් බව පවසන දෙදෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටුවහල් කිරීමට පියවර ගෙන ඇත.මීට අමතරව යාපනය ප්‍රදේශයේ ලී මඩුවක, කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයන් 08 දෙනෙකු සහ අවන්හල් තුළ සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන පලාලි ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබේ.

කාලීන පුවත්