.
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ප්රචාරක කටයුතු ලබන මැයි 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.ඒ අනුව මැයි 03 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියෙන් පසු නිහඬ කාලසීමාව ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.එමෙන්ම රාජ්‍ය මෙන්ම පෞද්ගලික සේවකයින්ට ද සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති අනුමත කාලයන් ලබාදෙන ලෙස ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටියි.