ඊයේ(08) මෙන්ම අදත්(09) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඛනිජ තෙල් නිතිගත සංස්ථාව මගින් විදුලි නිෂ්පාදනයට අවශ්‍ය දැවි තෙල් ලබාදිම ඊට හේතුව වී තිබේ. කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වීමෙන් ඉකුත් දින දෙකේදි දිවයිනේ ප්‍රදේශ ගණනාවක විදුලි සැපයුමට බාධා ඇතිවිය.
ඛනිජ තෙල් සංස්ථාව මගින් අඛණ්ඩව දැඩි තෙල් ලබාදෙන්නේ නම් කප්පාදුවකින් තොරව දිගටම විදුලි සැපයුම ලබාදිය හැකි බව මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර් එම් රණතුංග මහතා පවසයි.
මේ වන විට කැළණිතිස්ස විදුලිබලාගාරයේ අක්‍රියව පැවැති ජනන යන්ත්‍රය යථාතත්වයට පත්කර ඇති බැවින් අද සිට එමගින් විදුලි ජනනය ආරම්භ කළ හැකි බවද සාමාන්‍යාධිකාරිවරයා කියයි.