සයිප්‍රසයෙන් ණයට බොර තෙල්

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය වන විට දින 180 ක ණය යෝජනා ක්‍රමය යටතේ සයිප්‍රසයේ ටෙරා නෙවිස් සමූහ ව්‍යාපාරයෙන් බොරතෙල් ලබා ගැනීමේ සැලැස්ම රජය විසින් අනුමත කර ඇත.අද(01) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශයට පත් කරන ලදී.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ බොර තෙල් සැපයීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක් කර ඇති අතර මූලික වශයෙන් බැරල් 450,000 ක තොගයක් සැපයීමට නිර්දේශ කර ඇත.එම නිර්දේශයට අනුව බොරතෙල් මිලදී ගැනීමට බලශක්ති අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

කාලීන පුවත්