නොරොච්චෝලේ “නොරොක් “:වීමත් සමඟ ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම්

ඊයේ(31) ‍යථා තත්වයට පත් කළ බව කියූ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය හිටි හැටියේ යළි ක්‍රියා විරහිත වීමත් සමඟ අද (01) පස්වරු 2.00 පමණ සිට රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම හදිසියේ බිඳ වැටී ඇති බව වාර්තා වේ.එහෙත්,ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනුයේ එම බිඳ වැටීම යථා තත්වයට පත්කිරීමට කටයුතු කොට ඇති බවය.නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන් වන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 270ක විදුලි ධාරිතාවක් අහිමි වන බවත් එම නිසා ඉදිරියේ යළි විදුලි කප්පාදු සිදු වන බවත් ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්