අයවැයෙන් වැඩ ලක්ෂයක් හෙට ඇරඹෙයි

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා 2022 අයවැය යෝජනා යටතේ ඉදිරිපත් කළ අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන යටතේ දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරිම හෙට(03) පෙරවරු 8.52 ටආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන යටතේ අයවැයෙන් සංවර්ධන ව්‍යාපෘති සදහා සපයන ප්‍රතිපාදන යටතේ අවම වශයෙන් එක් ග්‍රාමසේවා වසමක සංවර්ධන ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක වන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත. එම සංවර්ධන කටයුතු ක්‍රමවත්ව හා වඩාත් ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පසුගිය මාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුපළාත් පාලන ආයතන නියෝජිතයන් හා රජයේ නිලධාරරීන් මැතිවරණ කොට්ඨාස හා ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට අවශ්‍ය ඩොලර් කිසිදු බාධාවකින් තොරව සපයන මෙන් මුදල් ඇමති වරයා මහා භාණ්ඩාගාරයට දන්වා ඇතැයි ද පැවසෙයි.

කාලීන පුවත්