රාගම වෛද්‍ය සිසුන්ට පහර දීමට පැමිණ ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක්

රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද(02 ) අලුයම සිදු වූ පහර දීමට අදාල පිටතින් පැමිණි කණ්ඩායම රාජ්‍ය අමාත්‍යවරයකුගේ ආධාර කරුවන් පිරිසක් බවත් ඔවුන් එහි පැමිණ ඇත්තේ රජයේ වාහනයකින් බවත් එම කණ්ඩායම සමඟ ද සරසවි සිසුවකු ද හිඳ ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ.මෙම ගැටුමින් තුවාල ලත් වෛද්‍ය ශිෂ්‍යයින් තිදෙනකු රාගම ශික්ෂණ රෝහලටත් එම කණ්ඩායම සමඟ පැමිණි බව කියන සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි.ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර කලක සිට පවතින ගැටුම දී එක් කණ්ඩායමක සහාය දැක්වීම පිණිස පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමිණ ඇතැයි ආරංචි මාර්ග පවසයි.එම පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ රජයේ වාහනයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පවසයි.එම පහර කෑමට ලක් වූ සිසුන් ගේ තත්වය බරපතල නොවන බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්