අවුරුදු කන්න ඉන්දියාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ණයට බඩු

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ණය සහන ක්‍රමයක් යටතේ ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සහල්, පරිප්පු,අල, ළුෑණු, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක සහ, ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක සහන ණය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බව ද ඇමති වරයා කියයි.

ඔස්ට්‍රේලියාවෙන් ලබා ගැනෙන ණය සහන යටතේ පරිප්පු සහ බාර්ලි ආදිය එරටින්ම ලබා ගැනීමටත් ඉන්දීය ණය සහන යටතේ අල, ළුෑණු, පරිප්පු සහ ඖෂධ ඉන්දියාවෙන්ම ආනයනය කිරීමට නියමිත අතර මෙම ආනයනයන් සඳහා ණය වාරික වශයෙන් මාස්පතා ගෙවීමට නියමිතව තිබේ.

කාලීන පුවත්