යුක්රේනයේ හදිසි නීතිය

යුක්රේනයේ හදිසි නීතිය යුක්රේන දේශ සීමා ආසන්නයේ රුසියානු හමුදා බල ඇණි තවදුරටත් සන්නද්ධ වෙමින් පවතින් බවට චන්ද්‍රිකා දර්ශන ඔස්සේ ද නිරීක්ෂණය වී ඇති බැවින් යුක්රේනයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ජාතික ආරක්ෂක කවුන්සිලය තීරණය කර තිබේ.එරට ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරියෙකු වන ඔලෙක්සි ඩැනිලොව් විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කළේ පළමුව දින තිහක කාලයක් සඳහා යුක්රේන තුළ හදිසි නීතිය පනවන බවකි.කෙසේ වෙතත් එය බලාත්මක වීමට නම් යුක්රේන පාර්ලිමේන්තුව ද එය අනුමත කළ යුතු වෙයි.නමුදු එලෙස හදිසි නීතිය ක්‍රියාත්මක වුවද මේ වන විට සන්නද්ධ කාමීන්ගේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවල එය ක්‍රියාත්මක නොවනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි

කාලීන පුවත්