නාසා ගගනගාමියෙක් අභ්‍යවකාශයේ සිට ශ්‍රී ලංකාවේ විශ්මිත දසුනක් ග්‍රහණය කර ගනී

නාසා ගගනගාමී වෛද්‍ය අනිල් මෙනන් විසින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගත් ශ්‍රී ලංකාවේ විශ්මයජනක ඡායාරූපයක් ප්‍රසිද්ධ කර ඇති අතර, එමඟින් අභ්‍යවකාශයේ සිට ශ්‍රී ලංකාවට දිස්වන අපූරු දසුනක් දැකගත හැකි වේ.

ඔහුගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපයෙහි තැනින් තැන විසිරී ඇති වලාකුළු සමඟ ඉන්දියන් සාගරයේ තද නිල් පැහැති ජලයෙන් වට වූ ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවේ දකුණු කෙළවර ද දිස්වේ.පෘථිවියේ සිට කිලෝමීටර් 400ක් පමණ ඉහළ සිට ලබාගෙන ඇති බවට වාර්තා වන මෙම ඡායාරූපය, ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.

ඉන්දියානු සම්භවයක් ඇති හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයකු සහ ඇමරිකානු අභ්‍යවකාශ හමුදාවේ කර්නල්වරයකු වන මෙනන්, 2026 ජූලි මාසයේදී ‘සෝයුස් එම්එස්-29’ අභ්‍යවකාශ යානයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලදි.

ජෛව වෛද්‍ය පර්යේෂණ, අභ්‍යවකාශ වෛද්‍ය විද්‍යාව සහ කක්ෂගත විද්‍යාගාරය වැඩිදියුණු කිරීම ඇතුළත් මාස අටක මෙහෙයුමක් අතරතුර ඔහු ‘එක්ස්පෙඩිෂන් 74 සහ 75’ (Expeditions 74 and 75) හි පියාසර ඉංජිනේරුවරයකු ලෙස සේවය කරයි.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින කාලය තුළ මෙනන් එහි නිරීක්ෂණ මොඩියුලයේ සිට ලබාගත් පෘථිවියේ විවිධ භූ දර්ශනවල ඡායාරූප ද මෙලෙස බෙදාගනිමින් සිටී.

කාලීන පුවත්