එමිරේට්ස් ගුවන් සේවය 2026 දෙසැම්බර් මැද භාගයේ සිට ශ්‍රී ලංකාව වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාවක් (Freighter Service) ආරම්භ කිරීමට සූදානම්ව සිටියි.
Boeing 777F වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම ගුවන් ගමන් සතියකට එක් වරක් ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම් සිදු කිරීමටයි සැලසුම් කර ඇත.
ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින ගුවන් භාණ්ඩ ප්‍රවාහන ඉල්ලුමට ප්‍රතිචාරයක් ලෙස යෝජිත මෙම නව සේවාව හරහා මෙරට ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.