රුසියා යුක්රේන යුද ගිනි නිවෙන ළකුණු රුසියාව සහ යුක්රේනය අතර හටගෙන ඇති යුදමය තත්වය සමථයකට පත්කර ගැනීම සඳහා මූලික සාකච්ඡා අරඹා ඇති බව වාර්තා වෙයි. යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කි මේ බව අනාවරණය කළ අතර රුසියාව ද යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව ඊයේ(25)ප්‍රකාශ කොට තිබේ.ඒ සඳහා වන පළමු පියවර ලෙස සාකච්ඡා සඳහා සුදුසු ස්ථානයක් සහ වේලාවක් වෙන් කර ගැනීම පිළිබඳව මේ වන විටත් දෙපාර්ශවයේම අවධානය යොමු ව තිබේ.ඒ සඳහා රුසියාව බෙලරූස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යෝජනා කර තිබූ අතර යුක්රේනය මෙම සාකච්ඡා සඳහා යෝජනා කර ඇත්තේ පෝලන්තයේ වොර්සෝ අගනුවරය.