දැනට පවතින ඩොලර් අර්බුදය මත ඉදිරියේදී මෘත ශරීර එම්බාම් කිරීම පිණිස යොදා ගන්නා ෆෝමලින් හිග වීමේ තත්වයක් මතු වී ඇතැයි මල් ශාලා හිමියෝ සඳහන් කරති. මේ වන විට රට තුළ ඇත්තේ මසකට ප්‍රමාණවත් තරමේ ෆෝමලින් ප්‍රමාණයක් බව ද පෙන්වා දෙන ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මේ හේතුවෙන් ඉදිරියේ දී මල්ශාලා පවත්වාගෙන යාම ද අර්බුදකාරී තත්වයකට පත් වනු ඇති බවකි.රජය විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලෙස ආහාර ඉන්ධන සහ ඖෂධ සඳහා පමණක් ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමුඛතාව හිමි කර දීම මත ෆෝමලින් ආනයනය ඇනහිට ඇතැයිද ඔවුහු කියා සිටිති.මළ සිරුරක අක්‍රිය වූ ජෛව ශෛල නරක් නොවී කලක් තබා ගැනීම සඳහා යොදන ෆෝමලින් හැරුණු කොට ඒ සඳහා වෙනත් විකල්පයක් නොමැති බැවින් එය ද අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණයට එක් කළ යුතු බව පෙන්වා දෙන මල්ශාලා හිමියන් පවසනුයේ එසේ එම්බාම් නොකිරීම මත පැය දහ අටකට වඩා කාලයක් මළ සිරුරක් නරක් නොවී තබා ගත නොහැකි බැවින් ෆෝමලින් නොමැති වීම අවමංගල සේවා සැපයීමේ දී සෘජු බාධකයක් වන බවකි.