ශ්‍රී ලංකාවේ සිටින යුක්රේන සංචාරකයින්ගේ වීසා දිගු කෙරේ මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින 4,000 කට ආසන්න යුක්රේන සංචාරකයින්ගේ වීසා බලපත්‍ර වල වලංගු කාලය දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති අතර රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් හේතුවෙන් සිය රට බලා යාමට නොහැකිව මෙරට තුළ රැඳී සිටින යුක්රේන සංචාරකයින් සඳහා වන සහනයක් ලෙස මෙය ක්‍රියාත්මක වෙයි. දැනටමත් මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් සිටින අතර හෙට(28)පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි..