මේ වන විට පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් තාප විදුලි බලාගාර හතරක් මේ වනවිට අක්රීය වීම මත අද(28) දිනයේත් කලාප වශයෙන් පැය පහකුත් විනාඩි පහලොවක් සහ පැය හතරයි විනාඩි විස්සක් දක්වා විදුලි කප්පාදුවකට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. කොළඹ වරායේ නවතා ඇති බත්තල තාප බලාගාරය, කැලණිතිස්ස නැප්තා බලාගාරය, කැළණිතිස්ස ජී ටී 7 බලාගාරය සහ මෙගාවොට් 50 ක විදුලි ධාරිතාවක් නිපදවන කැළණිතිස්ස තවත් තාප බලාගාරයක් එලෙස අක්රීය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්රකාශ කරයි. ඩීසල් සහ නැප්තා ප්රමාණවත් පරිදි බලාගාර වෙත ලබා දීම මත විදුලිය ලබා දීම යථාවත් කළ හැකි බව පවසන මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනුයේ මහජනතාවට විදුලිය ලබා දීමේ ක්රමවේදය නියාමය කොට ඊට විසඳුම් ඉදිරිපත් කිරීමට වැඩි යමක් කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට නොහැකි බවය.