දැනට පවත්නා ඉන්ධන අර්බුදය පිළිබඳව වාර්තා කිරීමට මීගමුවේ ඉන්ධන පිරවුම් හළකට ගිය “සිරස”සහ “ශක්ති”මීගමුව මාධ්‍යවේදී එම්.ඉසෙඩ් සාජහාන් මහතාට කිසියම් පිරිසක් විසින් පහර දී තුවාල සිදු කොට ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කොට තිබූ ඔහුගේ රාජකාරී හැඳුනුම් පත සහ ජංගම දුරකථනය හ පැහැර ගැනීම සම්බන්ධයෙන් අපක්ෂපාතී විධිමත් පරීක්ෂණයක් සිදු කෙරෙන ලෙස බල කෙරෙන ජනතා උද්ඝෝෂණයක් හෙට(04) ප.ව 3.00 ට මීගමුව ,දළුපොත ඉන්ධන පිරවුම් හල අසල දී පැවැත්වේ.මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කිහිප දෙනකු අත් අඩංගුවට පත් ව ශරීර ඇප මත මුදා හැර ඇති මුත් මෙම සිද්ධිය සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳව තමන්ට සෑහීමකට පත් විය නොහැකි බව පවසන මීගමුවේ මාධ්‍යවේදීන් පවසා සිටිනුයේ මෙවන් සමාජ අර්බුද එලෙසින්ම මහජනතාව හමුවට ගෙන ඒමේ වගකීම දරන මාධ්‍යවේදීන් බියපත් කොට පසු ගැන්වීමේ යාන්ත්‍රණයක් ද මෙම ප්‍රහාරය පසුපස තිබිය හැකි බවය.එනිසා මෙම ප්‍රහාරයට සම්බන්ධ සියළු පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක කොට එවන් මාධ්‍යයට එරෙහි ප්රචණ්ඩත්වය පසු ගැන්වීමට කටයුතු කරන ලෙස සියළු වගකිව යුත්තන්ට බලකිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව එහි සංවිධායකයෝ කියති.