රටේ අර්බුද විසඳීමට නම් ජාතික එකගතාවක් ඇති කර ගත යුතුයි

රටේ අර්බුද විසඳීමට නම් කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම නොව සියලු දේශපාලන පක්ෂ එකතු වී ජාතික එකගතාවක් ඇති කරගැනීම බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාව තුළ දේශපාලන පක්ෂ කෙරෙහි කලකිරිීමක් පවතින අතර ඊට සියලු දේශපාලනඥයින් වගකිව යුතු යැයි ඔහු කියයි. ලබන ජුලි මාසයේ ඩොලර් බිලියනයක විදේශ ණය වාරිකයක් ගෙවීමට සිදුවී ඇති අතර එම මුදල් සොයා ගැනීමට රජයට සිදුවී ඇති බව ද වික්‍රමසිංහ මහතා පවසයි . රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලයන 50 ක් වන අතර. ඉන් වැඩි කොටසක් වසර 2029 ට පෙර ගෙවා නිම කළ යුතු යැයි වික්‍රමසිංහ මහතා කියයි. ඩොලර්වලින් ලබා ගත් ණය මෙන්ම රුපියල්වලින් ලබා ගත් ණයවල සම්පුර්ණ එකතුව රුපියල් බිලියන 19 දහසක් බව ඔහු කියා සිටී. දේශපාලන මතය කුමක් වුවත් තිබෙන රට වෙනුවෙන් සියලු දෙනා එකතු විය යුතු යැයි ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව සහ විපක්ෂය පොදු ජාතික එකගතාවකට පැමිණ අඩුම තරමේ වසර 20 ක් වත් එය රැක ගැනිමට ක්‍රියා කළ යුතු යැයි ඒ මහතා සඳහන් කරයි.

කාලීන පුවත්