ඉන්දීය ණය ආධාර ඩීසල් නැව් තුනක් ලංකාවට

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද(31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.මේ අතර ලබන මස 05 වනදා සහ 08 වනදා ද ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් තොග රැගත් තවත් නෞකා දෙකක් දිවයිනට පැමිණීමට නියමිත ව තිබේ.එහෙත් එළඹෙන උත්සව සමයේ ඉන්ධන පරිභෝජනය ඉහළ නැංවීම සහ ජල විදුලි බලාගාර ආශ්‍රිත විදුලි ජනනය ඇනහිටීම ආදී හේතූන් මත ඉදිරි උත්සව සමයේ විදුලි ජනනය,ප්‍රවාහන සහ සෙසු යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම සඳහා මෙම ඉන්ධන තොග කිසිසේත් ප්‍රමාණවත් නොවීම මත ඉදිරියේ දී ද මෙම ඉන්ධන සහ විදුලි බල අර්බුදය මෙලෙසම පවතිනු ඇතැයි විශ්ලේශකයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්