“ගෙවල් වල සිටම රාජකාරී කරන්න” අගමැති පියාගෙන් හා ක්‍රීඩා ඇමති පුතාගෙන් නිලධාරීන්ට උපදෙස්

රට මුහුණපා ඇති දැඩි අභියෝගයය හමුවේ ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අගමැති කාර්යාලයේ නිලධාරීන්ට තම නිවෙස් වල සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. තමන් අමාත්‍යධූර දරන අමාත්‍යංශවල නිළධාරීන්ටද ඊට අනුගත විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.ජනතාව පත්ව ඇති දුෂ්කරතාව සම්බන්ධයෙන් රජයක් ලෙස ඉතා සංවේදී ලෙස කටයුතු කරන බව සඳහන් කරන අග‍්‍රාමාත්‍යවරයා එම සීමා ජය ගැනීම සඳහා ගත හැකි සියලූ ක‍්‍රියා මාර්ග යුහුසුළුව ගනිමින් සිටින බව ද අවධාරණය කරයි.ජනතාවගේ ඉවසීම සහ සහයෝගය මතින් තිස් වසරක ත‍්‍රස්ත උවදුර සහ කොවිඞ් වසංගතය ඇතුළු බොහෝ අභියෝග ජය ගත් ආකාරයෙන් මෙම අවස්ථවේදී ද සියළු පාර්ශව එක්ව කටයුතු කරනු ඇතැයි ද අග‍්‍රාමාත්‍ය වරයා විශ්වාසය පළ කරයි. ඒ අතර ඔහුගේ පුත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද තම අමාත්‍යංශයට අයත් ආයතන වල කාර්ය මණ්ඩල වලට තම නිවෙස් වල සිට රාජකාරී කටයුතුවල නිරත වන ලෙස උපදෙස් දී තිබේ.

කාලීන පුවත්