ලිච්චවි ක්‍රමයෙන් අර්බුද විසඳමු

පවතින තත්ත්වය සිහි නුවණින් දැක සියලු දෙනාට පොදු සාධාරණ විනිශ්චයක් දිය හැකි වැඩපිළිවෙලක් වටා එක්වීම බෞද්ධ පිළිවෙත බවත් ලිච්ඡවී රාජ සංකල්පය ඒ සදහා වඩාත් උචිත වන පරිදි යොදා ගනිමින් අර්බුද සමනය කිරීමට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි. ඒ වෙසක් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමිනි. රට අසීරුතාවට පත්ව ඇති මේ අවස්ථාවේ සියලු රටවැසියන් වෙනුවෙන් මහජන නියෝජිතයන් සියලු දෙනා එක්ව විසදුමක් උදෙසා වහා වහා ක්‍රියාකළ යුතු බවත් සැමගේ ඒකායන අරමුණ විය යුත්තේ මුලික අරමුණින් බැහැර නොවී අපේක්ෂිත ඉලක්කය වෙත ළගාවීම. ප්‍රතිපත්ති මුල් කර ගනිමින් වීර්යාධික සම්මුතිවාදි ධර්ම ගරුක සමාජයක් ගොඩනැගීම සැමගේ ඒකායන අරමුණ විය යුතු බවත් පවසන ජනාධිපති වරයා එය එසේ විය යුතු යැයි ප්‍රාර්ථනා කරයි.                                                                                                                                                                                                                                                                ලිච්චවි රාජ සංකල්පය යනු බුද්ධ කාලීන භාරතයේ පැවැති රාජාණ්ඩු(නපෘති පති තන්ත්‍ර) ක්‍රමයෙන් බැහැර එවක පැවැති රාජකීයයන් විසින් පවත්වාගෙන ගිය සමූහ පාලන ක්‍රමයක්(ගණ තන්ත්‍ර) වන අතර එය නූතන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ සමාරම්භක අවස්ථාව බව ඇතැම් මානව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්