සී සාන ට්‍රැක්ටර් වලට ඉන්ධන කඩිනමින්

පසුගිය කාලයේ අඩාල වූ වී වගාවට අවශ්‍ය පොහොර සැපයීම කඩිනමින් යථාවත් වීම මත මෙවර යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සී සෑම සඳහා ට්‍රැක්ටර් යන්ත්‍ර වලට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමුඛතා පදනමක් යටතේ ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.. දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවලට ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඒ සඳහා වු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ. යළ කන්නයේ වගා කටයුතු ආරම්භ කර ඇති බැවින් සී සෑම සඳහා ට්‍රුක්ටර් යන්ත්‍ර යොදාගන්නා බැවින් පවතින ඉන්ධන හිඟය ඊට දැඩි බාධාවක් වී ඇති බව ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දීම මත රජය මෙම පියවර ගෙන තිබේ.

කාලීන පුවත්