ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගත් සජබ මන්ත්‍රීන්ට විනය ක්‍රියා මාර්ග

ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා ගත් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය මඟින් විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේ දී කීය.එම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බැවින් එසේ කළ යුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වත්මන් රජයේ අමාත්‍යධුර ලබා ගැනීම සුබවාදී ප්‍රවේශයක් බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.

කාලීන පුවත්