ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකයේ ආධ්‍යාත්මික සමාරම්භය

ath

ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අද්දර ලබන 09 වන ඉරිදා නිල වශයෙන් නිරාවරණය කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය මුල් කොට වන්නි හත්පත්තුවේ ජන විශ්වාස සහ ඇදහිලි පදනම් වූ පූර්වගාමී ආධ්‍යාත්මික සැමරුම අද(4)පෙරවරුවේ එම ස්මාරක පරිශයේ දී සිදු කෙරිණ.

ගල්ගමුවෙ ප්‍රාදේශීය සභා සභාපති එච්.කේ විමලරත්න ස්මාරකයේ නිර්මාණ ශිල්පී ජේ රත්නායක යන මහතුන් ඇතුළු එම නිර්මාණ කාරියට සම්බන්ධ පාර්ශව කිහිපයක නියෝජිත වරු මේ සඳහා එක් වූහ.වන්නි හත්පත්තුවේ පාරම්පරික ජන විශ්වාස සඳහා අගැයුමක් ලබා දීම ඔස්සේ ප්‍රාදේශීය ජන සංකෘතිකාංග අගැයුමට ලක් කිරීමේ සමාජමය යුතුකම ඉටු කිරීම ද මෙම සැමරුමේ ප්‍රධානතම අරමුණක් බව ස්මාරක නිර්මාණ ශිල්පී ජේ රත්නායක මහතා කීය.

එතෙර - මෙතෙර