පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියකට සමාන වෙබ් අඩවියක් සකස් කර පුද්ගලයෙකු රවටා ඔහුගේ ගිණුම් ප්රවේෂ දත්ත ලබාගනිමින් බැංකු ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ වාරියපොළ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුවයි.
විමර්ශනයේදී අනාවරණය වූ තොරතුරු මත මෙම මුදල් වංචාව සිදුකල බවට සැකකරන පුද්ගලික ආයතනයක සේවය කරන දත්ත ඇතුලත් කිරීමේ නිලධාරියෙකු ඊයේ (26) එම අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අවුරුදු 25 ක් වන රාගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.