සියඹලංගමුවේ ඇතාට සහ දළ පූට්ටුවාට යළි “පණ දීමේ” වෑයමක්

ගල්ගමුව ආශ්‍රිත වනගහනයන් හි ජීවත් වන ලදුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් 2010 සහ 2018 යන වසර වල අකාලයේ මරු මුවට පත් ශ්‍රී ලංකාවට ආභරණයක් බඳු වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජුන් දෙපළ ගේ සැබෑ හැඩ තල වලින් යුතු සජීවී ප්‍රමාණයේ පිළි රූ දෙකකින් සහ ක්ෂීරපායි,පක්ෂි,උරග,මත්ස්‍ය,සමනල යන සත්ව විශේෂ සංකේතාත්මකව නිරූපණය කෙරෙන බිතු කැටයමකින් යුතු ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ලබන ඔක්තෝබර් 09 ඉරු දින(වප් පුන් පෝදා)පෙ.ව 10ට කුරුණෑගල පාදෙණිය හරහා වැටී ගත් කොළඹ – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව,සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටි ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වන ගිමන් හළ පාරිසරික උද්‍යානයේ දී නිරාවරණය කිරීමට නියමිත ය.

අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ හෘදවේද විශේෂඥ මහාචාර්ය නාමල් විජයසිංහයන් ගේ සංවිධාන සැලැස්ම සහ නියාමකත්වය යටතේ මේ වන විට බොහෝ දුරට නිම වී ඇති මෙම ස්මාරක ඉදිකිරීම් ව්‍යාපෘතිය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.කේ විමලරත්නයන් ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයන් විසින් අධීක්ෂණය කරනු ලැබේ.වෙනත් ස්ථානයක ඉදි කළ විශේෂ ආවරණයක් යට නවීන විද්‍යා තාක්ෂණික ක්‍රමෝපායන් අනුගමනය කරමින්  දීර්ඝ කාලයක් තිස්සේ මූර්ති මත් කෙරුණු  ඒම ඇත් රජුන් දෙදෙනා ගේ ආකෘතීන් අනුව එම පිළි රූ මේ වන විටත් එම උද්‍යානයේ ඉදි වී හමාරය.

මේ සියඹලංගමුවේ ඇතා,සහ දළ පූට්ටුවා අනේක වාරයක් සියැසින් දැක ඇති එම ස්මාරකයේ සැලසුම් ශිල්පී සහ නිර්මාණ කරු චිත්‍ර කලා ගුරු උපදේශක ගල්ගමුව සියඹලංගමුවේ ජේ රත්නායක මහතා පසුගිය කාලයේ එම මූර්තීන්  දෙක නිමවමින් සිටි ආකාරයයි.

 

අරුමැසි පුවත්