GMOA නව සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ(GMOA)නව සභාපති වශයෙන් ස්නායුවේද විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා නිතරඟයෙන් පත්ව ඇති බව එම සංගමයනිවේදනය කරයි.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වන මහා සභා රැස්වීමේ දී එම පත්කිරීම සිදුකර තිබේ.පළපුරුදු ස්නායු වේද විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ශ්‍රී ලංකා ස්නායුවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වරයා ද වෙයි. විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වසර 11 ක පමණ කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයේ කටයුතු කරනු ලැබූ අතර ඒ කාලය තුළ දේශපාලනික මැදිහත් වීම් සහ තම විෂ‍ය පථයට අදාල නොවන දේශීය වෛද්‍ය ක්‍රමය,කෘෂි විද්‍යාව බෞද්ධ දර්ශනය ආදී විෂයන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සාවද්‍ය මත දැක්වීම් හේතුවෙන් ඔහු සමාජයේ විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක් විය.

කාලීන පුවත්