මාධ්‍ය හමුවේ දී ඩඩ්ලිට යකා නඟියි

අද(22) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ මහා පරිමාන සහල් මෝල් හිමියන්ගේ මාධ්‍ය හමුවේ දී සහල් මිලේ ප්‍රශ්නයක් මත නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා හා අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා අතර උණුසුම් තත්ත්වයක් හට ගැනීම නිසා එම මාධ්‍ය හමුව අතරමඟ නතර කිරීමට සිදු විය. ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අලෙවි කළ යුතු බවත් පාලන මිලට සහල් අලෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටි අතර පාලන මිලට සහල් අලෙවි නොකරන මෝල් වටලා වී තොග රජය භාරයට ගතයුතු යැයි ද කීය.නමුත් එමමාධ්‍ය හමුවට පැමිණි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේෂ්වර මහතා සහල් පාලන මිලට ලබාදිය නොහැකි යැයි පවසද්දී ඩඩ්ලි සිරිසේන මහතා ඊට දැඩි විරෝධයක් පළ කරමින් ආවේගාත්මක ලෙස කියා සිටියේ සෙසු මහා පරිමාන සහල් මෝල් හිමියන් කිහිප දෙනකු තමන් බිල්ලට දෙමින් සහල් මිල වැඩි කරන බවකි.

කාලීන පුවත්