මේ වන විට රටවල් 63කින් නව කොවිඩ් ප්‍රභේදයක් වාර්තා වී ඇති බවත් වේගයෙන් පැතිර යන එම ප්‍රභේදය මානව ප්‍රතිශක්තියට ද දැඩි බලපෑම් එල්ල කරන බවත් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.එබැවින් ශ්‍රී ලංකාව ද මේ පිළිබඳව අවධානයෙන් පසු බවද හෙතෙම කියා සිටී.