රට ගොඩ ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල බලයේ සිටීමයි

රට ගොඩ ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල බලයේ සිටීමයි වර්තමානයේ රට වැටී ඇති අවාසනාවන්ත තත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ රැඳී සිටීම බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.අගරදගුරුතුමන් මේ බව පැවසුවේ අගරදගුරු මැදුරේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.පවතින තත්වය යටතේ තවදුරටත් බලයේ රැඳී සිටීමට ජනාධිපතිවරයාට සහ රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බැවින්, රට වැටී ඇති ඛේදනීය තත්වයේ වගකීම බාරගෙන, තනතුරුවලින් ඉල්ලා අස්වී, රටේ අනාගතය ජනතාවට භාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද අගරදගුරුතුමෝමෙහි දී ඉල්ලීමක් කළහ.ඉන්පසු ජනතාව පතන නව දේශපාලන වෙනස ඇතිකර ගැනීම සඳහා අන්තර්කාලීන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගත හැකි බව කී අගරදගුරුතුමෝ එම රජය තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් රටේ පවතින ගැටළු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බව ද පැවසූහ.රටේ තත්වය යහපත් වූ වහා මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව ද කී අගරදගුරුතුමෝ දේශය මෙම තත්වයෙන් මුදා ගැනීමට පෙරමුණ ගන්නැයි විපක්ෂයේ සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බව ද පැවසූහ.

කාලීන පුවත්