වර්තමානයේ රට තුළ පවතින දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය සබඳතා කෙරෙහි අතිශයින් අනර්ථකාරී ලෙස බලපෑ හැකි බැවින් කඩිනමින් රට ස්ථාවර විය යුතු බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමඟ කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යා හැක්කේ ඒ ඔස්සේ පමණක් බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.මහ බැංකු අධිපතිවරයා එම අදහස් පළ කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. එමෙන්ම ඉන්දියානු සංචිත බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන 01ක හුවමාරුවක් සඳහාද සාකච්ඡා පැවැත්වෙන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.