අතුරු අයවැය සම්මත කිරීම අද

පාර්ලිමේන්තුව අද(02) පෙරවරු 9.30 ට රැස් වන අතර විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත හෙවත් අතුරු අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 3 වන දිනය අදට යෙදී තිබේ.එම විවාදයෙන් අනතුරුව අද පස්වරුවේ එය සම්මත කර ගැනීමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයට එක්වු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කෙරෙමින් පවතින බවත් මේ වන විට එහි ගමන් මඟ සුබවාදී මුහුණුවරක් ගෙන ඇති බවත් පැවසීය.පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස් වෙයි. ඊයේ පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී එම තීරණයට එළැඹ තිබේ.

කාලීන පුවත්