රැජිනට අවසන් ගෞරව දක්වන්න සුප්‍රකට පුද්ගලයෝත් වරු ගණන් පෝලිම් වල

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට පැය 15 කට අධික කාලයක් පෝළිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති බවත් ඔවුන් අතර සුප්‍රකට පුද්ගලයන් ද සිටින බවත් වාර්තා වෙයි. ඒ අතර බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය තේරේසා මේ මහත්මිය සහ ඇගේ සැමියා සේම බ්‍රිතාන්‍යයේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් ද සිටින බව මාධ්‍ය වාර්තා කොට තිබේ.එමෙන්ම දිගු පෝළිම්වල රැඳී සිටින ජනතාව අතරේ චාල්ස් රජු සහ විලියම් කුමරු පා ගමනින් යමි සාමාන්‍ය වැසියන් හමුවී සුහද කථාබහක ද නිරත වනු ද දක්නා ලදී.දෙවන එලිසබෙත් රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සම්බන්ධ මෙම අති මහත් ජනතා උනන්දුව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණේ මෙය රැජිනගේ රාජකීයත්වය අබිබවන මානුෂීයත්වය උදෙසා හිමි වන පොදු ජනතා උපහාරයක් ලෙසිනි.

කාලීන පුවත්