ආදායමේන් සියයට 75 කෑමට යයි

මෙරට සෑම පවුල් 5 කින් පවුල් 2 ක් සිදුකරන වියදම් වලින් සියයට 75 ක් සිදුකරන්නේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවේ පෙන්වා දෙයි.

මාසික වැටුපෙන් හෝ අදායමෙන් සියයට 75 ආහාර සඳහා වියදම් කරන විට සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක් බව එම වාර්තාවේ දැක්වේ.

ආර්ථික අර්බුදය 2023 වසර පුරාවට පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ලබන වසරේ ශ්‍රී ලාංකිකයන් මිලියන 6.2 කට හදිසි මානුෂීය සහාය අවශ්‍ය බවට ඇස්තමේන්තු කර ඇති බවත් ඉන් මිලියන 2.9 ක් ළමුන් බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.

කාලීන පුවත්