ඉන්දියාවේ සමාගමකින් මෙරටට ඖෂධ වර්ග විසිහතක් ගෙන්වීම සම්බන්ධයෙන් තමන් විසින් ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය නොමඟ යවා ඇතැයි එල්ලවන චෝදනා සංවිධානාත්මක ලෙස එල්ල කරන බොරු ප්‍රචාර බවත් ඒවා සත්‍ය බව තහවුරු කළහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.ඉන්දීය ණය පහසුකම් යටතේ ඖෂධ ගෙන්වීම කැබිනට් අනුමැතිය මත පමණක් සිදුකරන බවත් ඉන්දියාවෙන් ණය පහසුකම යටතේ ඖෂධ ගෙන්වීමට අදාළ සියලු ලිඛිත සාක්ෂි ඉදිරි දෙක දින දෙක තුළදී ඉදිරිපත් කරන බවත් ඔහු කීය.