පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කටයුතු සදහා රුපියල් කෝටි 77ක මුදලක් මේ මාසය තුළ දී ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා මුදල් අමාත්‍යාංශයෙන් කොට ඇති ඉල්ලීම ඉටු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් යම් අවිනිශ්චිතතාවයක් පවතින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති අතර ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා පවා තවමත් මුද්‍රණයට භාර දී නොමැති බවක් කියනු ලැබේ.මෙය මින් පෙර දක්නට නොතිබූ තත්වයක් බව ද පැවසෙයි.පළාත් පාලන මැතිවරණයේ සම්පූර්ණ කටයුතු සඳහා රුපියල් කෝටි 400 ක පමණ මුදලක් වැය වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර මෙම මුදල එකවර හෝ වාරික වශයෙන් ලබාදීමට පියවර ගන්නා ලෙසද මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.