ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්වය ආදී කරුණු සළකා එහි ඉදිරි සංවිධාන කටයුතු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ යුතු බවට මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාක්ෂිකයන් බහුතරයකගේ මතය වී ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමන් ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා වුවත් ලැබුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බදුල්ල ප්‍රදේශයේ ජන හමුවක දී පාක්ෂිකයකු පැවසූ අතර එහි දී එහි මුලසුන දැරූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිනාසෙමින් කියා සිටියේ “ඒ ගැන අපි පස්සේ කතා කරමු”යනුවෙනි.