ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF )විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කොට ඇත.එමෙන්ම ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ ණය අනුමත කිරීම සහ එම මුදල් භාවිත කරමින් රට ගොඩනැගීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දක්වනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.ගත වූ කාලය තුළ අප රටට ලැබුණු විදේශ ණය වලින් වැඩි කොටස වංචාව දූෂණ සහ නාස්තිය ආදී අවභාවිතයන්ට ලක් වීම මත මෙම ණය මුදල සම්බන්ධයෙන් ජනාධිපති වරයා විවෘත ප්‍රකාශයක් කිරීම බොහෝ දෙනකුගේ අවධානයට යොමු වී තිබේ.