පොලොන්නරුව මහ රෝහලේ රෝගී සත්කාර සේවා සඳහා රැගෙනවිත් නැවත පිරවීම සඳහා ගබඩා කර තිබුණු හිස් ඔක්සිජන් සිලින්ඩර් 208ක සොරකමක් සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.පොලොන්නරුව මහා රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය මහින්ද ගුණතිලක මහතා විසින් පෙරේදා (19) කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කෙරුණු බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.දීර්ඝ කාලයක් තිස්සේ මෙම සොරකම සිදුව ඇති බව මූලික විමර්ශනවලින් පෙනී යන බව පොලොන්නරුව පොලිසිය සඳහන් කරයි. මෙසේ සොරාගෙන ගොස් ඇත්තේ ගබඩාවේ තිබුණු විවිධ ප්‍රමාණයන්වල හිස් ඔක්සිජන් සිලින්ඩර් බව ද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.පොලොන්නරුව මහා රෝහලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනුයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමති පදවිය දරන සමයේ සිට හුදු දේශපාලනික හේතු මත සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් ලද බොහොමයක ගේ මෙබඳු ක්‍රියා නිතර වාර්තා වන බවය.