මෙවර කඨින චීවර පිංකම් සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ.
කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම උපරිම 50 දෙනෙකුගේ සභාගීත්වයෙන් පැවැත්විය යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.
කඨිනානිසංස ධර්ම දේශනය ද උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.