පාස්කු ප්‍රහාරය ගැන හොයන්න කමිටුවක් පත් කිරීම විහිළුවක්

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාලව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාලව විධිමත් පරීක්ෂණයක් කිරීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය හාස්‍යයට කරුණක් බව විවිධ පාර්ශව පෙන්වා දෙමින් සිටියි.අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ශව ගණනාවක් විසින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයකින් මිස යුක්තිය සාධාරණය ඉටු නොවන බව පෙන්වා දී තිබියදීත් ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම කමිටුව පිහිටුවීමේ තීරණය ගෙන ඇති අතර කමිටු නියෝජිතයන් පත් කිරීමේ කටයුතු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන් වෙත පවරා තිබේ.ඊට අමතරව චැනල් 4 ⁣හෙලිදරව්ව පිළිබඳව සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා තීන්දු කර ඇති අතර එම කටයුතු ඉදිරියට ගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා වෙත පවරා තිබේ.නමුත් ජනාධිපති වරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන සෙසු පාර්ශව පෙන්වා දෙන්නේ මෙය ජනාධිපති වරයා විසින් රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම පිණිස ගත් හාස්‍යෝත්පාදක පියවරක් බවකි.

කාලීන පුවත්